සහල් හිඟයක් මවාපාමින් සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් සහල් තොගය රාජසන්තක කර එය විකුණා ලැබෙන ආදායම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ගිණුමට බැර කරන්නැයි මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (04දා) නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කරන ලද්දේ පිටකොටුව යෝන් වීදියේ සහල් ව්‍යාපාරයක් පවත්වාගෙන යන එන්.එස්.බී. ට්‍රේඩර්ස් නමැති පෞද්ගලික සමාගමකට වන අතර, එහිදී එම සමාගම වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් වූ සල්වරාජ් මෝසප් එල්මෝ නමැති අයෙකු වරද පිළිගත් බැවින් එම සමාගමට රුපියල් 12,500ක දඩයක්ද නියම කෙරිණි.
සහල් සඳහා පාලන මිලක් නියමකර තිබියදී තම නිලධාරීන් ගොස් මෙම ව්‍යාපාරික ස්ථානයෙන් සහල් මුදලට ඉල්ලූ විට සහල් නොමැති බව පැවසුවද කරන ලද සොයාබැලීමේදී ආනයනය කරන ලද නාඩු සහල් කිලෝග්‍රෑම් 25 බැගින් අඩංගු මලු 686ක් එම ස්ථානයේ තිබී සොයාගත් බව පාරිභෝගික අධිකාරිය අධිකරණය හමුවේ පැවසීය.