නොරොච්චෝල ලක්විජය ගල් අඟුරු තාප බලාගාරයෙන් සිදුවන පාරිසරිකහානි95෴ කටත් වඩා අවම කර ඇති බවත්, ඒ අනුව මෙතෙක් නිරිත දිග මෝසම් සුළං උදාවත් සමග,ප්රදේශයේ ජනතාව මුහුණ පෑ දුෂ්කරතා තවදුරටත්, බලනොපාන බවත් නොරොච්චෝල බලාගාරයේ පාරිසරික සිවිල්ඉංජිනේරු චින්තක දිසානායක මහතා පවසයි.
දැනට බලාගාරය අවට ගම්මානවල ජනතාව, නොසංසුන්තාවට පත්වඇත්තේ, මීට පෙර වාරකන් සමයේ ලද, අත්දැකීම් අනුව බවත්, මේ වසරේ මේ වනවිටත් යම්තාක් දුරට වාරකන් උදාවඇත්තත්,එසේම අධික සුළංතත්ත්ව කිහිප විටකම වාර්තා වී ඇතත්,කිසිදු පරිසරහානියක් හෝ ජනතාව දුෂ්කරතාවට පත් අවස්ථාවක් මෙතෙක් වාර්තාවීනොමැති බවද ඒ මහතා ප්රකාශ කළේය.
පසුගියදා,බලාගාරයට ඉතා ආසන්න ගොවි බිමක මහජන විරෝධතාවක්පැවති බවත්,එහෙත් අලු හෝ අඟුරු කුඩු පිළිබඳව කිසිදු සිදුවීමක් වාර්තා නොවීම හොඳම නිදසුනක් බවද ඉංජිනේරුවරයා සඳහන් කළේය.
කල්පිටිය කුමාර කොට්ටහච්චි