බැඳුම්කර සිදුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී විවාද කරන්නට සිදුව ඇත්තේ මන්ත්‍රීවරුන් නොදන්නා වාර්තාවක් සම්බන්ධයෙන් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා අද(09දා) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටියද පිටු 1400ක බැඳුම්කර වාර්තාව ගැන කිසිවෙකු නොදන්නා බවත්,කිසිවෙකු නොදන්නා වාර්තාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදය කිරීමෙන් ප්‍රයෝජනයක් නැති බවත් සභාපතිවරයා සඳහන් කළේය.
බැඳුම්කර වාර්තාව මන්ත්‍රීවරුන් වෙත ලබා දීමට තවමත් පියවර ගෙන නැතැයිද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.ඇල්. පීරිස් මහතා පැවසීය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ taකකයේ මාධ්‍ය හමුවට එක්වෙමිkaහෙතෙම මේ බව කියා සිටියේය.