එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සමාප්ති උත්සවයේ ප්රධාන අමුත්තා වශයෙන් නේපාල ජනපතිනී බිධ්යා දේවි බණ්ඩාර මහත්මිය එක්වීමට නියමිත අතර ඇය එම සංචාරය ආරම්භ කරමින් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව තිබේ.
බැංකොක් නුවර සිය ඇය කටුනායකට පැමිණීමට නියමිතය. ජනපති මෛත්රීපාල සිරිසේන මහාතාගේ ආරාධනාවක් අනුව ඇය ශ්රී ලංකාවට පැමිණෙයි.
ජනපතිනියට නේපාලයෙන් ඉහළ සමුගැනීමක් ලැබී තිබේ. එසේම නේපාල හමුදාව විසින් ඇයට ආචාර වෙඩිමුර 21ද පිරිනමා තිබේ. වෙසක් දින උළෙලේ සමාප්තිය එළැඹෙන 14දා මහනුවරදී පැවැත්වීමට නියමිතය.