ගාල්ල - නෙළුව දූවිලි ඇල්ල වතුයායේ තේ කර්මාන්ත ශාලවට අයත් නිල නිවසක් මතට පස් කන්දක් කඩාවැටීමෙන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නෙළුව පොලීසිය පවසයි.
පවතින අධික ගං වතුර තත්ත්වය හේතුවෙන් මෙම ස්ථානයට ළඟාවීම අපහසුව ඇත. මේ නිසා හෙලිකොප්ටර් යානයකින් අපදාවට ලක්වූවන් මුදාගැනීමේ කටයුතු සඳහා මෙම ස්ථානයට පැමිණි ගුවන් හමුදා භටයෙක්ද තුවාල ලබා තිබේ.
නායයාමෙන් තුවාල ලබා කරාපිටිය රෝහලටඇතුළත් කළ තුවාලකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු මියගොස් ඇති බව කරාපිටිය රෝහල් පොලීසිය සඳහන් කරයි.