කොළඹ ඉදිවෙමින් පවතින නෙළුම් කුළුනේ සෝපානයකින් ඇද වැටී අද (08දා) තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ කිළිනොච්චිය අත්තරේකුලම් ප්රදේශයේ කොනේශ්වරන් නිදර්ශන් නමැති 19 හැවිරිදි තරුණයෙකි.
අදාළ තරුණයා නෙළුම් කුළුනේ ඉදිකිරීම් කටයුතුවල නිරත පුද්ගලයෙකු වන අතර එහි සෝපානයකින් ඇද වැටී මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කරයි.