රජයට පවරාගත් බවට පසුගිය කාලයේ ප්‍රකාශ කළ නෙවිල් ප්‍රනාන්දු රෝහල විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
රෝහල විකුණා දැමීමට පුවත්පත්වල දැන්වීම් පළ කර තිබෙන බවත් රජය ප්‍රකාශ කළ පරිදි රජයට පවරා ගත් රෝහලක් පෞද්ගලික පාර්ශ්වයක් විසින් විකුණා දමන්නේ කෙසේද යන්න රටට පැහැදිලි කළ යුතු බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.
මීට අමතරව සයිටම් ආයතනයෙහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් තවමත් මුදල් අයකර ගනිමින් සිටින බවත් මේ පිළිබඳව රජයේ ස්ථාවරය පැහැදිලි කළ යුතු බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.