නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම වෙනුවෙන් රජය නෙවිල් ප්‍රනාන්දු රෝහලට කිසිඳු මුදලක් නොගෙවන බවත් නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සියලුම ණය නෙවිල් ප්‍රනාන්දු මහතා විසින් ගෙවන බවත් සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉදිරි වසර 10 ක කාලය තුළ සයිටම් ආයතනයේ ණය ගෙවා අවසන් වන තෙක් රෝහල ලංකා බැංකුව යටතේ උකස් හිමිකමක් ලෙස පවතිනු ඇති බවත් ඉන් අනතුරුව රෝහල රජයට පවරා ගනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
එසේම රෝහලේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියේ පවතින බවත් එය වාර්ෂිකව රුපියල් 1000ක නාමික කුලී ගාස්තුවක් යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදෙන බවත් නිවේදනයේ දැක්වෙයි.
රෝහල හුදෙක්ම ප්‍රදානයක් ලෙස රජයට ලබාදුන් බවත් එහි වටිනාකම රුපියල් බිලියන 3.55ක් පමණ වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.