නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුව ජීවිතක්ෂයට පත්වූ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් එම රෝහල නිවේදනයක් නිකුත් කර තිබේ. එම කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් රෝහලේ කිසිඳු අතපසුවීමක් සිදුව නොමැති බවත් කිසිදු නොසැලකිලිමත් භාවයක් සිදුව නොමැති බවත් එම නිවේදනයේ දැක්වෙයි. එසේම මරණය පිළිබඳව පැවැත්වෙන ඕනෑම පරීක්ෂණයකට මුහුණදීමට තමන් සූදානම් බවද එහි සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාගේ අත්සනින් යුතු නිවේදනයේ දැක්වෙයි.