සෝමාලියා මුහුදු තීරයට ඔබ්බෙන් යාත්‍රා කරන නෙදර්ලන්ත ධජය සහිත වෙළඳ නැව් සඳහා ආරක්ෂාව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් ලබාගැනීමට නෙදර්ලන්තයේ අවධානය යොමුව ඇත.
සෝමාලියාවේ මුහුදු කොල්ලකරුවන් නැවතත් සක්‍රීය තත්ත්වයට පත්ව තිබීම මේ සඳහා හේතුව වී ඇති බව වාර්තා වෙයි.
ඉන්දියන් සාගරයේ ක්‍රියාත්මක නෙදර්ලන්ත රජයේ නාවික හමුදා අනුකණ්ඩයට අවශ්‍ය සේවාවන් මේ හරහා ලබා දීමට නියමිත අතර ඒ සඳහා ඉල්ලීමකද ඔවුන් කර තිබේ.
ඒ අනුව එම සේවාවන් සැපයීම සඳහා ජාත්‍යන්තර නීති වලට හා දෙරටේ නීතිවලට අනුව ශ්‍රී ලංකාව හා නෙදර්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක් ඇති කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.