ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ දැනුම්දීමක් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ නාය යෑමේ අවදානමක් ඇති ස්ථාන කීපයක පවුල් 150 කටආසන්න පිරිසක් තාවකාලිකව එම ස්ථානවලින් ඉවත් කළ බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසුවෙය. නුවරඑළිය, රාගල දියනිල්ල සහ කොත්මලේ වැවන්ටන් ප්‍රදේශ වලින් මෙසේ පුද්ගයන් ඉවත්කර තිබේ.
එම පිරිස් සුබ සාධන කඳවුරු වල තාවකාලිකව නතරකර ඇති බවත් ආපදා කළමණාකරන ඒකකය හරහා ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීමටත් නාය යෑම් සහ ගල් පෙරලීම් යන අවදානම් එම පෙදෙස් වල තිබූ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පැවැසීය.