ඒකාබද්ධ විපක්ෂයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන සී.බී.රත්නායක මහතාගේ ක්‍රියා කලාපය හේතුවෙන් තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව සලකුණෙන් තරග නොකර ස්වාධීනව තරග කිරීමට තීරණය කළ බව තලවාකැලේ ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අශෝක සේපාල මහතා පැවසීය.
හැටන් නගරයේදී අද (07දා) පස්වරුවේ පැවති පැවති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
"අපි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඒවගේම බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා එක්ක ඉඳලා ඒකාබද්ධ විපක්ෂය ශ්‍රීලංකා පොදුජන පෙරමුණ දිනවන්න ඊයේ වෙනකම් හිටපු කණ්ඩායමක් තමයි අද අපි මේ ඒකරාශි වෙලා ඉන්නේ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැමදාමත් මහින්ද රාජපක්ෂ මහතා පරාද කරන්න කටයුතු කළ නායකයා නැවත වතාවක් ආණ්ඩුවේ කොන්ත්රාත්තුනක් ඉෂ්ට කරන්න ඉදිරියට ඇවිල්ලා ඉන්නවා.
ඒ නිසා ඒ කුහක බලාපොරොත්තුව පරාජය කරන්න අපි ස්වාධීනව කටයුතු කරන්න තීරණය කර තියෙනවා. මේ වන කොට අපි තලවාකැලේ ලිඳුල නගර සභාව වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර තියනවා. මෙහිදී අපි තලවාකැලේ ලිඳුල නගර සීමාවේ ඉතාම වැදගත් පුද්ගලයන් දාහතර දෙනෙකුගෙන් යුක්ත කණ්ඩායමක් අපි ඉදිරිපත් කරනවා. ඒ දාහතර දෙනාම අපේ ගමට නගරයට පිළිගන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂය එහෙම නැත්තනම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ දක්වා ශක්තිමත් කරපු කණ්ඩායමක් තමයි මේ ස්වාධීන වෙලා ඇප මුදල් තැන්පත් කළේ."