නුවරඑළිය නගර සීමාව තුළ පසුගිය වසරේ සිදු කරන ලද ජල සාම්පල් පරීක්ෂාවෙන් සියයට සියයක්ම එම ජල සාම්පල්වල අසු චී මිශ්‍ර බවට වාර්තා වී ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සේනක තලගල මහතා පැවසීය.
නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති නුවරඑළිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව පවසා සිටියේය.
නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. තිලකරාජ්, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආර්.එම්.එස්.බී. රත්නායක හා ජී.එම්.එම්. පියසිරි යන මහත්වරුන්ගේ සමසභාපතීත්වයෙන් හා නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් සුජීවා බෝධිමාන්න මහත්මිය ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක්ගේ සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය සේනක තලගල මහතා,
“නුවරඑළිය ප්‍රදේශයට දේශීය විදේශීය සංචාරකයන් ලක්ෂ ගණනින් එනවා. නමුත් මේ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගත්ත බවක් පෙනෙන්න නැහැ. සම්බන්ධීකරණ කමිටු හෝ මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවට අප අවධාරණය කරනවා. අඩුම වශයෙන් ජනාධිපතිතුමාගේ අවධානය හෝ දිනා ගනිමින් මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. නුවරඑළිය මහනගර සභාවට ලැබෙන මුදල ගැන පමණක් සිතා කටයුතු කිරීම ඇරෙන්න මෙම ජල පද්ධතිය වැඩිදියුණු කිරීමට හිතන්නේ නැහැ. ජනතාවට පිරිසුදු පානීය ජල සැපයුමක් ලබාදීම වගේම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයක් ඇති කිරීම නුවරඑළිය මහනගර සභාවෙත්, එහි සෞඛ්‍ය අංශයේත් වගකීමක් වෙනවා.
මෙම වගකීම පළාත් පාලන ආයතන විසින් නිසි පරිදි ඉටු කරන්නේ නැත්නම් ඒ සඳහා මැදිහත්වීමට අපට බලයක් තිබෙනවා. මෙම කමිටුව ඉල්ලීමක් කරනවා නම් ඕනෑම වෙලාවක අපි ඊට ඉදිරිපත් වෙන්න සූදානම්* යැයි පවසා සිටියේය.
ශාන් හුලංනුගේ