නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය යළි පුරවයි
නුවරඑළිය ග්‍රෙගරි වැව් වේල්ලේ ජල කාන්දුවක් හේතුවෙන් ජල මට්ටම අඩුකර තිබූ ග්‍රෙගරි වැවට යළි ජලය පිරවීමට පියවර ගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය. එම වැව් වේල්ලට පහළින් ස්ථාන තුනකින් සිදුවන ජල කාන්දුවක් නිසා ජල මට්ටම අඩු කිරීමට පියවර ගෙන තිබිණි.
ග්‍රෙගරි වැව් වේල්ලට පහළින් ගම්මාන රැසක් ඇති නිසා මෙම ජල කාන්දුවෙන් ඇතිවන අවදානම අවම කිරීම සඳහා වැවේ ජල මට්ටම අඩුකර තිබිණි. ජල මට්ටම අඩු කිරීමත් සමග එහි පවත්වාගෙන ගිය බෝට්ටු සේවාව හා සී ප්ලේන් ගුවන් සේවාවද තාවකාලිකව නතරකර තිබිණි.
පවත්නා තත්ත්වය හමුවේ නුවරඑළිය සංචාරක කර්මාන්තයටද තරමක බලපෑමක් ඇති වී ඇති බවත්, ග්‍රෙගරි වැවේ සුන්දරත්වය අඩු වී වැව අවට විශාල පරිසර හානියක්ද සිදු වී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය. ඒ අනුව යළි ග්‍රෙගරි වැවේ ජලය පිරවීමට හා ජල කාන්දු නතර කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශයට දැනුම්දී ඇති බවද දිස්ත්‍රික් ලේකම් ඩි.පී.ජී. කුමාරසිරි මහතා පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
