නුවරඑළියේ සිට හග්ගල හරහා පට්ටිපොළ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් අද (18දා) පස්වරු රේන්දපොළ ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක් පමණ බෑවුමකට පෙරළීමෙන් පුද්ගලයන් 24ක් තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති බව නුවරඑළිය පොලීසිය පවසයි.
මෙම තුවාලකරුවන් පාසල් ළමුන් කිහිපදෙනෙකුද සිටින අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව පොලීසිය සඳහන් කරයි.
බස් රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවට සැකකරන බවත්, අනතුර සිදුවන අවස්ථාවේ අයහපත් කාලගුණ තත්ත්වයක් හා ඝන මීදුම් තත්ත්වයක් පැවැති බව පොලීසිය පවසයි.
අනතුරට පත් බස්රථය නුවරඑළිය ලංගම ඩිපෝවට අයත් වන බවත්, සිදුවීම සම්බන්ධයෙන් නුවරඑළිය පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.