මධ්‍යම කඳුකරයේ අලුයම් කාලයේ සහ රාත්‍රී කාලයේ පවතින අධික ශීතල කාලගුණතත්ත්වයත් සමගම නුවරඑළිය නගරයේ තුරග තරග පිටියේ හා ගොල්ෆ් ක්රීඩාංගණයඇතුළු ස්ථාන කිහිපයක මල්තුහින පතිත වි තිබේ.
එම මල් තුහින පතිත වීමත් සමගම නුවරඑළිය පුරා එම කාලය තුළ සෙල්සියස් අංශක 06 කඋෂ්ණත්වයක් පවතින බව කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.
මල් තුහින පතිත වීමෙන්එළවළු වගාවට මෙන්ම තේ වගාවටද දැඩි බලපෑමක් එල්ලවන අතර, සතිඅන්තයේ නත්තල් දීර්ඝ නිවාඩුවත් සමග නුවරළියට විශාල වශයෙන් පැමිණි දෙස්විදෙස් සංචාරකයන් මෙම මල්තුහින දැකගැනීමට උනන්දුවක් දක්වන බව පෙනෙන්නට තිබිණි.
හැටන් රංජිත් රාජපක්ෂ/ශාන් හුලංනුගේ