නීති විරෝධීව දුම්වැටි ගෙනා පියත් දුවත් අත්අඩංගුවට
සිංගප්පූරුවේ සිට විදේශයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ පියෙකු සහ දියණියක් ඊයේ (18දා) සවස කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය .
සැකකරු කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු සිය දියණිය සමග ඊයේ සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබිණි.
ඔහු රැගෙන ආ ගමන් මල්ලේ විදේශීය දුම්වැටි 16,000ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 08ක් පමණ වන බව රේගුව සඳහන් කරයි.
මෙම දුම්වැටි තොගය අත්අඩංගුවට ගනු ලැබුවේ සහකාර රේගු අධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී.ඩී.එල්.විජේසිංහ මහතා විසිනි.
මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ආර්.එල්.ඩී.එස්.රණසිංහ මහතා විසින් පැපවත්වන ලද අතර, එහිදී මෙම දුම්වැටි තොගය රාජසන්තක කොට, රුපියල් 50,000 ක දඩ මුදලක් ගෙවන ලෙස සැකකාර පුද්ගලයාටද නියෝග කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


