නීති ක්ෂේත්රයේ දූෂිත පුද්ගලයන් සහ අක්‍රමිකතා පිළිබඳ තමන් දන්නා සියලු තොරතුරු සියලුම සාක්ෂි සහිතව ඉදිරිපත්කිරීමට කටයුතු කරන බව නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය 'අද' පුවත්පතට පැවසුවාය.
මේ සම්බන්ධයෙන් වන තොරතුරු වහාම නීතිඥ සංගමයට ඉදිරිපත්කරන ලෙස ශ්‍රීලංකා නීතිඥ සංගමය මගින් යොමුකළ ලිපිය ලැබුණු බවද සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය කීවාය.
එමෙන්ම නීති ක්ෂේත්රයේ අක්‍රමිකතා සහ දූෂිත තත්ත්වයන් හේතුවෙන් අසරණ වූ සාමාන්‍ය ජනතාවද ඒ සම්බන්ධ පැමිණිලි ශ්‍රීලංකා නීතිඥ සංගමයට යොමුකිරීමට පෙළගැසෙමින් සිටින බවත්, ශ්‍රීලංකා නීතිඥ සංගමය ගනුලබන ක්‍රියාමාර්ග දෙස අවධානයෙන් බලාසිටින බවත් නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළාය.