නීතිවිරෝධී ලෙස තුර්කියට සංක්‍රමණයවීමට තැත්කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු කාටුනායකදී අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස තුර්කියට සංක්‍රමණයවීමට තැත්කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු එරට බලධාරීන් විසින් පිටුවහල් කිරීමෙන් පසු ඔවුන් කාටුනායකදී අත්අඩංගුවට ගෙන ඊයේ (27දා) මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 10,000 බැගින් දඩ මුදල් හා ලක්ෂය බැගින් ශරීර මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති මහත්මිය නියෝග කළාය.
ඇප කොන්දේසි සපුරාලීමට සැකකරුවන්ට නොහැකිවීමෙන් ඔවුන් ලබන වසරේ ජුනි මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ, අච්චුවේලි සහ පේදුරුතුඩුවේ පදිංචි බාලචන්ද්‍රන් රාගමන් සුසෙයි සහ කෝකිලවාසන් කන්දසාමි නමැත්තන්ය.
ව්‍යාජ ලෙ සකසන ලද වීසා බලපත්‍ර සමගින් තූර්කි රටට යෑමට තැත් කළ මොවුන් එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කාටුනායක ගුවන්තොටුපළින් මෙරට එවන ලද අතර, එහිදී කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පෙරේදා (27දා) සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
ඇපකරු ළඟම ඥාතීන් විය යුතු බවට මහේස්ත්‍රාත්වරිය නියම කළ අතර ඥාතීත්වය සහ ඇපකරුගේ පදිංචිය ග්‍රාම නිලධාරී මගින් සනාථ කිරීමට නියම කෙරුණි.
එම ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීමෙන් ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
ගම්පහ - ටෝනි කරුණානායක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


