දිඹුලපතන පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (20දා) රත්‍රියේ කොටගල නගරයේ ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමේදී එහි තිබී තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද පළිබෝධ නාශක තොගයක් අත්අඩංගුවට ගත්බව දිඹුලපතන පොලීසිය පවසයි.
ඒ අනුව මෙහි තිබී ලීටර් 2ක් බැගින් වූ කෑන් 144ක්, බලපත්‍ර නොමැතිව ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කරන ලද ලීටර් 02කෑන් 13ක් හා පළිබෝධනාශක සකස්කිරීම සඳහා යොදා ගන්නා ලද විවිධ අමුද්‍රව්‍ය බෑග් 11ක් ද සමග සැකකරුවෙකුද පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 42වියේ පසුවන කොටගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, අද (21දා) හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිදුවීම සම්බන්ධයෙන් දිඹුලපතන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.