නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනත යටතේ සැකකරුවන්ට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පොලීසියට නීතිමය හැකියාවක් නොමැති බව කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්රාත් දුලාන් වීරවර්ධන මහතා තීරණය කළේය.
නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගල්නෑව කලංකුටිටිය ප්රදේශයේ පදිංචි පුද්ගලයෙකුට එරෙහිව ගල්නෑව පොලීසිය විසින් කැකිරාව මහේස්ත්රත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවක තීන්දුව ලබා දෙමින් විනිසුරුවරයා මෙම නියෝගය ලබාදුන්නේය.
මේ අනුව නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබාගැනීමේ චෝදනාව යටතේ එම සැකකරුට එරෙහිව මහේස්ත්රාත් අධිකරණය හමුවේ පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කරන ලදී.
මෙහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අනුරුද්ධ විජේරත්න මහතා නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු ආඥා පනත යටතේ නඩු පැවරීමට පොලිසියට කිසිදු නීතිමය හැකියාවක් නැති බව අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියේය.
ඉන් අනතුරුව පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් පොලීසි පවසා සිටියේ සුරා බදු ආඥා පනත යටතේ නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් නඩු පැවරීමට පොලීසියට නීතිමය හැකියාවක් පවතින බවයි.
මෙහිදී දෙපාර්ශ්වය ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සුරාබදු ආඥාපනත යටතේ නඩු පැවරීමට පොලීසියට නීතිමය හැකියාවක් නැති බව තීරණය කළේය.
මේ අනුව නීතිවිරෝධී මත්පැන් සන්තකයේ තබා ගත් බවට කැකිරාව මහේස්ත්රාත් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ගල්නෑව, චන්දනගම හා එප්පාවල, කටියාව, යාය ප්රදේශවල පදිංචි සැකකරුවන් දෙදෙනා නිදොස් කොට මුදාහැරීමට මහේස්ත්රාත් වීරවර්ධන මහතා නියෝග කළේය.
මෙහිදී පැමිණිල්ල යෙනුවෙන් ගල්නෑව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩෙන්සිල් නිශාන්ත මහතා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් පෙනී සිටියහ.