නීතිවිරෝධී ප්රචාරක කටයුතු වැළැක්වීම සඳහා පොලිස් ස්ථාන මට්ටමින් පැය 24 පුරා පොලිස් ජංගම රථ සේවා ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මීට අමතරව අවශ්‍ය වුවහොත් පොලිස් විශේෂ කාර්ය බළකායේ සහයෝගය ලබා ගැනීම සඳහා ඔවුන් සූදානමින් තබා ඇතැයිද අද (02දා) පැවැති මාධ්‍ය සාකඡාවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පසුගිය මස 09 වැනිදා සිට අද (02දා) දිනය දක්වා කාලය තුළදි නීතිවිරෝධී මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් පුද්ගලයන් 94 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.