නීතිවිරෝධී දුම්වැටි 35800ක් රේගුවට
නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන ආ රුපියල් ලක්ෂ 15ක් පමණ වටිනා දුම්වැටි තොගයක් ඊයේ (16දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, කොළඹ, මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ඩුබායි සිට පැමිණි ප්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FZ-557 දරණ යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර, මොහු කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ග්‍රීන් චැනල් ඔස්සේ ගුවන් තොටුපළින් පිටව යෑමට තැත් කිරීමේදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී ඔහුගේ ගමන් මල්ලේ තිබී දුම්වැටි 35,800ක් රේගුව බාරයට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම රේගු අධිකාරී එස්.එම්.ආර්.එස්. සමරකෝන් මහතා විසින් සිදු කළ අතර, මේ පිළිබඳ වැඩිදුර රේගු විමර්ශන නියෝජ්‍ය රේගු අධ්යක්ෂ පානි විජේවර්ධන, සහකාර රේගු අධිකාරීවරුන් වන එස්.ඒ.සී. පුෂ්ප කුමාර, ටී.වී.සී. ප්‍රනාන්දු, එම්.එම්. අබ්දුල්ලා , ඩී.කේ.ඒ. වීරසේකර යන මහත්වරු සිදුකරති.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
