නීතිවිරෝධීව රත්‍රං බිස්කට් 20ක් ගෙනා අයෙකු අත්අඩංගුවට
රුපියල් කෝටි 02ක් පමණ වටිනා රත්‍රං බිස්කට් 20ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් කටුනායක ගුවන්තොටුපළෙන් පිටව යෑමට තැත්කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු ඊයේ (10දා) අලුයම අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපළ පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු ඊයේ (05දා) අලුයම 2.15ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණ, ගුවන්තොටුපළ පිටත පර්යන්තය ඔස්සේ ගමන් කරමින් සිටියදී ගුවන්තොටුපළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.
ඔහු සන්තකයේ තිබූ කුඩා බෑගයක් තුළ තිබී මෙම රත්‍රං බිස්කට් තොගය සොයාගෙන ඇත.
බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අතුකෝරළ, මීගමුව දිස්ත්‍රික් 1 භාර සහකාර පොලිස් අධිකාරී රිෆාඩ් යන මහත්වරුන්ගේ උපදෙස් මත කටුනායක ගුවන්තොටුපළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ හා අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කන්නංගර යන මහත්වරු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
කටුනායක - ටී.කේ.ජී. කපිල/ සීදුව - ප්‍රසාද් මුතුකුඩ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

