නීතිවිරෝධී අයුරින් දකුණු කොරියාවේ රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා පොදු සමා කාලයක් දකුණු කොරියානු රජය විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙම කාල සීමාව ජූලි මස 10 වන දින ආරම්භ වූ බවත් එය ඔක්තොම්බර් මස 10 දා දක්වා මාස 3ක කාලයක් වලංගු බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
පොදු කාලසීමාව ප්‍රයෝජනයට ගනිමින් නැවත දිවයිනට පැමිණෙන ශ්‍රමිකයින් සඳහා නීත්‍යානුකූල නොවන අයුරින් කොරියාවේ රැඳී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළදී ගනු ලබන නීත්‍යානුකූල කි‍්‍රයාමාර්ග වලින් ඔවුන් නිදහස් කිරීමට නියමිතය.
2011 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා 1983ක ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිරිසක් නීතිවිරෝධී අයුරින් කොරියාවේ රැඳීසිටින අතර, ඔවුන් සඳහා නීති මාර්ගයෙන් කටයුතු කර ලක්ෂ 20ක ඇප බැඳුම්කරය අයකර ගැනීමට කාර්යාංශය මේ වන විට කටයුතු කරමින් පවතී.