මෙරට සිටින කිසියම් පුද්ගලයෙකු යම් වරදක් සිදු කර ඇත්නම් රටේ පවතින නීති පද්ධතිය තුළ නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය අද (06දා) පැවසුවාය.
එම කරුණේදී පුද්ගලයා කවුරුන්ද යන්න අදාළ නොවන බවද ඇමතිවරිය සඳහන් කළාය.
අධිකරණ අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ ප්රජාතන්ත්රවාදය, මාධ්‍ය නිදහස,නීතිය ක්‍රියාත්මක කිරීමේ නිදහස වත්මන් රජය උදාකර දී ඇති බවයි.