හික්කඩුව පතන තොරණගල වත්තේ පියෙකු තම දරුවන් තිදෙනාට වස පොවා ඔහුද වස පානය කිරීමෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ හතළිස් හැවිරිදි පියෙකු සහ ඔහුගේ වයස අවුරුදු නමයක්වූ නිවුන් පුතුන් දෙදෙනාත් වයස අවුරුදු හයක්වූ පුතෙකි.
මෙම දරුවන්ගේ මව විදේශ රැකියාවකට ගොස් සිටින අතර පියා එයට විරෝධය පළකිරිම නිසා ඔවුන් අතර ආරවුල් තිබු බව මූලික පරීක්ෂණවලදී අනාවරණය විය.
මව මෙයට පෙර අවස්ථා කිහිපයක්ද විදේශගතව සිට ඇති බවත්, මෙවරද මෙයට වසර දෙකකට පමණ පෙර විදේශගතව තිබේ.