පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජනවාරි පෙබරවාරි මාස දෙක තුළ ජාතික නිවාස සංවර්ධන අධිකාරියට රුපියල් ලක්ෂ 756ක මුදලක් ඉතිරි කරගැනීමට හැකි වූ බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඊයේ (23දා) අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ජනවාරි මාසය තුළ ලක්ෂ 582ක්ද, පෙබරවාරි මාසය තුළ ලක්ෂ 174ක්ද වශයෙන් මෙම මුදල ඉතිරි කරගෙන තිබේ.
පසුගිය දෙමාසය තුළ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ප්‍රවාහන අංශයෙන් රුපියල් ලක්ෂ 600ක මුදලක්ද ඉතිරි කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.
ඊට අමතරව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ සියලු දීමනා සහිත ජනවාරි මස වැටුප වන රුපියල් තුන්ලක්ෂ හැටහත්දහස් පන්සියයක (367,500) මුදලක්ද ජාතික නිවාස සංවර්ධන අරමුදලට ලබාදීමට අමාත්‍යවරයා කටයුතු කළේය.
තවද දින සියය ඇතුළත නිවාස 50,000ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන බවද එහි පළමු අදියර ලෙස කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 4,200ක් සඳහා නිවාස ණය ලබාදීම හෙට (24දා) දින සිදුකරන බවද අමාත්‍යවරයා පැවසීය.