(UPDATE - PICTURE) නිව්යෝක් බෝම්බ සිද්ධියේ සැකකාර අහ්මඩ් ඛාන් රහාමි පොලීසිය සමග වෙඩි හුවමාරුවකදී අත්අඩංගුවට පත්ව තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා ඇති අතර, එක් නිලධාරියෙකු වෙඩි ප්රහාරයකින්ද, අනෙක් නිලධාරියා වාහනයක ගැටීමෙන්ද තුවාල ලබා තිබේ.
සිද්ධියේදී සැකකරුද පොලිස් වෙඩි පහරට ලක්ව ඇතත් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව විදෙස් වාර්තා පවසයි.
(07.40 pm) නිව්යෝක් බෝම්බකරු ඇෆ්ගනිස්තානයේ උපත ලබා, ඇමෙරිකාවේ පදිංචිය ලැබූ අහ්මඩ් ඛාන් රහාමි ලෙස හඳුනාගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
28 හැවිරිදි සැකකරු පසුගිය සෙනසුරාදා සිදුකළ බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 29 දෙනෙකු තුවාල ලැබීය.
මේ අතර, අද (19දා) නිව්ජර්සි හි සැකකටයුතු ගමන් මල්ලක තිබූ බෝම්බ පහක්, බෝම්බ නිශ්ක්‍රීය රොබෝවෙකු යොදා අක්‍රීය කිරීමට උත්සාහ කිරීමේදී එක් බෝම්බයක් පිපිරී ඇත. කෙසේ වෙතත්, මෙම පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නැත.
මෙම සැකකරු පිළිබඳ ලිපිනය එළිසබෙත් ලෙස සඳහන් වන අතර, FBI නිලධාරීන් විසින් නිව්ජර්සි ප්‍රදේශයේ දැඩි සෝදිසි මෙහෙයුමක් ආරම්භ කරමින් සැකකරු සොයමින් සිටින බවද විදෙස් වාර්තා පවසයි. එමෙන්ම, මොහු පිළිබඳ තොරතුරු සෙවීමට FBI ආයතනය මහජන සහායද ඉල්ලා සිටියි.
කෙසේ වෙතත්, මෙම සැකකරු ආයුධ සන්නද්ධව සිටිය හැකි බැවින් මෙම සෝදිසි මෙහෙයුම වඩාත් ආරක්ෂිතව සිදුකිරීමටද නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
සෙනසුරාදා දිනයේ මැන්හැට්න්, චෙල්සී ප්‍රදේශයේ පුපුරාගිය බෝම්බය හා ඒ ආසන්නයේ තිබී සොයාගත් බෝම්බය යන දෙකම තියුණු යකඩ කැබලි යොදා, ප්‍රෙෂර් උදුනක් හා ජංගම දුරකථනයක් භාවිතයෙන් සකස් කළ බෝම්බ බව හඳුනාගෙන තිබුණි.
.jpg)
.jpg)