නියෝජ්‍ය කථානායක, ධුරයේ වැඩ බාරගනී
- 6 06 2018
- 12:53
- {{hitsCtrl.values.hits}} views
- චතුරංග ආරියසේන
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායකවරයා ලෙස ඊයේ (05දා) තේරී පත් වූ ආනන්ද කුමාරසිරි මහතා අද (06දා) එම ධුරයේ වැඩ බාරගැනීම සිදුවිය.
ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව නියෝජ්‍ය කථානායක ධුරයේ වැඩ බාරගත් කුමාරසිරි මහතාට පැමිණ සිටි පිරිස සුබපැතුම් එක් කළ අතර එම අවස්ථාවට කථානායක කරු ජයසූරිය මහතා, පාර්ලිමේන්තු මහලේකම්වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඊයේ (05දා) පාර්ලිමෙන්තුවේදී පැවැති රහස් ඡන්දයේදී ඡන්ද 97ක් ලබාගනිමින් අනන්ද කුමාරසිරි මහතා නියෝජ්‍ය කථානායක ධුරයට පත්වූ අතර ඒ සඳහා ඉදිරිපත් වූ සුදර්ෂණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ලබාගැනීමට හැකිවූයේ ඡන්ද 53ක් පමණි.
ඒ අනුව පාර්ලිමේන්තුවේ කථානායක සහ නියෝජ්‍ය කථානායක ධුරයන් එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


