නියෝජ්‍ය කථානායක තෝරන රහස් ඡන්දය ඇරඹේ
- 5 06 2018
- 15:30
- {{hitsCtrl.values.hits}} views
- අම්ත් මධුරංග
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දය මේ වන විට ආරම්භ වී තිබේ.
මන්ත්‍රීවරුන්ගෙන් නම් කතා කරන විට පාර්ලිමේන්තු සභා ගර්භය මැද පිහිටි ඡන්ද පෙට්ටියට ඔවුන් සිය ඡන්දය ප්‍රකාශ කරමින් සිටියි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ප්‍රකාශ කිරිම ආරම්භ කළේය.
එක්සත් ජාතික පක්ෂයේ ආනන්ද කුමාරසිරි මහතාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියත් නියෝජ්‍ය කථානායක ධුරයට තරග කරයි.
දෙමළ ජාතික සන්ධානයේ ආර්. සම්බන්ධන් මහතා පැවැසුවේ සිය පක්ෂය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට ඡන්දය ලබාදෙන බවයි. කෙසේ වෙතත් පසුව එම පක්ෂයේ සියලු දෙනාම පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියේය.
ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ද පාර්ලිමේන්තුවෙන් ඉවත්ව ගියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


