පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා මහතාගේ කතා සඳහා ජනතාව නොරැවටෙන බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියයි.
සිය ෆේස් බුක් ගිණුමෙන් ප්‍රකාශක් නිකුත් කරන නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ ජනපතිවරණය සඳහා තමන් ඇතුළු පිරිස මරණ වරෙන්තු තබාගෙන වැඩකළ බවයි.
"මර්වින් සිල්වලා අට වැනිදා 12.00 වෙනකල් මෛත්‍රීපාල මහත්තයාට කුණුහරුපෙන් බැන්නා. අපහාස කළා. ආප්ප කාලා පාවලා දුන්නා කිව්වා. 9 උදේ වෙද්දී අපේ හිටපු මහලේකම්තුමා කියලා අයිතිවාසිකම් කිව්වා. මර්වින් සිල්වාගේ මේ වගේ දිව දෙකේ කතාවලින් ජනතාව රවට්ටන්න බෑ. බැරිවෙලාවත් මහින්ද රාජපක්ෂ දිනුවා නම් මරණ වරෙන්තු අතේ තියන් වැඩකරපු අපිට ඔය මර්වින්ලා කරන දේ බලාගන්න තිබුණා" යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සිය ෆේස්බුක් ගිණුමෙන් පවසයි.