පවතින දැඩි නියඟය හේතුවෙන් රටට අහිමි වේ යැයි තක්සේරු කර ඇති වී ප්‍රමාණය බුසල් 4053395.37ක් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා අද (22දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා පවසා සිටියේ නියඟය හේතුවෙන් අහිමි වූ වගා අක්කරයක් සඳහා උපරිමය රු.10000කට යටත්ව ඉල්ලුම් කරන්නන්ට වන්දි ලබා දීමට රජය කටයුතු කරන බවයි.