පසුගිය නියං සමයේදී වගා හානියට පත්, ස්වාමිපුරුෂයා අහිමි, කාන්තාවන් අතින් නඩත්තුවන දූගී පවුල් සඳහා සහනාධාර ලබාදීමට ලෝක ආහාර සංවිධානය තීරණය කර ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන මහතා අද (08දා) කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධිකරණ රැස්වීම අමතමින් පැවසීය.
මේ අනුව රුපියල් 10000 බැගින් මාස 04ක කාලයක් මුදල් සහනාධාරයක් ලබාදීමට එකඟ වී තිබේ.
ඒ අනුව කුරුණෑගල, මොණරාගල, වවුනියාව හා මන්නාරම යන දිස්ත්‍රික්කවල පදිංචි දූගී පවුල් සඳහා මෙම සහනාධාරය හිමිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.