වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක පවුල් 275,778කට අයත් පුද්ගලයන් 1,011,406ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම පිරිසෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 66921කට අයත් පුද්ගලයින් 280,342ක් පීඩාවට පත්ව සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කළේය.
පීඩාවට පත්ව සිටින ප්‍රමාණයෙන් විශාල පිරිසක් පානීය ජල ගැටලුවකට මුහුණදී සිටින බවද වාර්තා වේ.