එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙවර මැතිවරණය සඳහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් ‘නිදහසේ සම්මුතිය’ ප්‍රකාශයට පත්කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28දා) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සිදුවිය.
වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් සඳහා වන ‘නිදහසේ සම්මුතිය’ මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් වෙත පිළිගැන්වීම එහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද, අන්‍යාගමික පූජකවරුන් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.