තමන් වෙන පක්ෂ වලින් ඡන්දය ඉල්ලන්නේ නැති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛව ඇතිවෙන්නාවූ සන්ධානයකින් ඡන්දය ඉල්ලන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
තමන්ට සියලුම මන්ත්‍රීන් සහාය දක්වන බවත්, තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බවත් ඔහු කීවෙය්.
නාරාහේන්පිට අභයාරාමයේ පැවැති අනුරාධපුර හා කුරුණැගල දිස්ත්‍රික්කයන්හි පළාත් පාලන නියෝජිතයන් අද (23දා) හමුවීමෙන් පසුව ඔහු මෙම අදහස් මාධ්‍ය වෙත දැක්වීය.
Q අද ජාතික ආණ්ඩුවක් තයෙන්නේ. ඔබ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ලෙස මේ පිළිබඳව අදහස කුමක්ද?
අනුශාසනා අහන්නේ නැත්නම් මොකද කරන්නේ. මේක ජාතික ආණ්ඩුවක් කියලා කියන්න පුළුවන්ද? මේක හවුලක් විතරයි. ජනතා විමුක්ති පෙරමුණත් ඉන්නවද?
Q ලංකා කම්කරු කොංග්‍රසයෙන් මැතිවරණය ඉදිරිපත් වෙන්න ඉල්ලීමක් ලැබී තියෙනවද?
නෑ. මම බොහොම පැහැදිලිව කියලා තියෙනවා. එහෙම මට ඉල්ලන්න් ඕන නෑ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඒ පක්ෂයේ මූලිකත්වයකින් ඇතිවෙන්නාවූ සන්ධානයකින් තමයි ඉල්ලන්නේ. මන්ත්‍රීතුමන්ලා ඔක්කොමට මට කැමතයි. කවුරුවත් මට විරුද්ධ නෑ.