නිදහස් පක්ෂය අර්බූදයක - SB
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අර්බුදයක පවතින අතර, ජනාධිපතිවරයාගේ කතාවෙන් එය අවධාරණය කළ බවත්, පක්ෂයට ශක්තිමත් අඩිතාලමක් දැමීම මැයි රැලියේදී සිදුකළ බවත් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පැවසීය.
හෙතෙම මේ බව පවසා සිටියේ, අද (02දා) මහනුවරදී ඇරඹුණු 'පරිසරය පූජනීයයි' වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"වෙනම පක්ෂයක් යටතේ හිටපු ජනපතිතුමා ඊයේ පැවැත්වූ මැයි රැලියෙන් යමක් ඉගෙන ගත්තා. අහසින් ගත්තු ෆොටෝ දාලා පිට්ටනිය පිරෙවුවත් සමහර මන්ත්‍රීන් නොපැමිණීම, සමහර මන්ත්‍රීවරුන් ජනයා රැගෙන රැලියට නොයෑම නිසා පාක්ෂිකයන් නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අප වටා එක්විය යුතු බවට රටට පණිවුඩයක් දුන්නා.
මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයක් ඉල්ලා සිටියත් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පක්ෂය පළාත් පාලන හා නගර සභා ඡන්දයෙන් ඔවුන් පරදිනවා. දකුණේ තැන් කිහිපයක් දිනා ගැනීමට ඔවුන්ට හැකිවුවත් ඔවුන්ට දිනාගත හැකි තැන්වලට අපේ පක්ෂයේ දක්ෂයන් දැමුවහොත් පාරාජය ලැබීම ඒකාන්තයි. සටන් පාඨ හැටියට මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණයක් ඉල්ලා සිටියත් මැතිවරණවලින් පැරදීමේ පසුබිම එතුමාගේ පවුලෙන්ම ඇරඹෙනවා. මැතිවරණය ආරම්භ වීමට ප්‍රථම එතුමාගේ පවුගේ කිහිපදෙනෙකු අප පක්ෂය වට එකතු වනවා" යැයි පවසා සිටියේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

