යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මවකට සහ ඇයගේ පුතාට නිට්ටඹුව හත්වඩුන්න ප්රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පලා ගොස් ඇති අතර එම වේඩි ප්රහාරයෙන් මව ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
මෙසේ වෙඩි ප්රහාරයකට ලක්ව ඇතතේ දුමුන්නේගෙදර කල්එළිය පදිංචි රාමනායක පතිරණලාගේ විනීතා පද්මිණි නැමැති 53 හැවිරිදි මව සහ ඇයගේ 26 හැවිරිදි පුත්රයායි.
තුවාලකරුවන් වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වනවිටත් මව මියගොස්ව සිටි බවත් ඇයගේ පුත්රයා ප්රතිකාර ලබමින් සිටින බවත් සැකකරුවන් සොයා මෙහෙයුමක් දියක් කොට ඇති බවත් පොලීසිය පැවසීය.