සාම්බ්‍රාණි කුට්ටි තුළ සඟවා මෙරටට ගෙන්වන ලද නිකොටීන් අඩංගු කුප්පි ලක්ෂය රට තුළට පැමිණීම වැළැක්වීමට කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.
රේගුවට නොදන්වා ගෙන්වීමේ චෝදනාව මත මෙම නිකොටීන් අඩංගු කුප්පි ලක්ෂය රේගුව විසින් තාවකාලිකව රඳවාගෙන සිටින බවත්, එහෙත් ඉදිරි දිනකදී මෙය මුදාහැරිය හැකි බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.
මෙම කුප්පි තුළ දුම්වැටිවලට අඩංගු නිකොටීන්වල ප්‍රමාණය ඉක්මවා නිකොටීන් අඩංගු බවට පරීක්ෂණවලදී හෙළි වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.
එක්වරකට කුප්පි ලක්ෂය බැගින් දීර්ඝ කාලීනව මෙම ජාවාරම සිදුකර තිබෙන බවත්, මේ නිසා ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන ලෙස එම සංගමය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි.