නිකවැරටිය තුඹුල්ල ප්‍රදේශයේදී ඇගලුම් සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් අද (22දා) මාර්ගයෙන් ඉවතට පැන මාර ගසක ගැටී සිදුවු අනතුරින් තුවා ලැබු 36 දෙනෙකු නිකවැරටිය රෝහලට ඇතුලත් කර ඇතැයි නිකවැරටිය පොලිසිය පැවසීය.
මේ අනතුරින් බරපතළ තුවාලලැබ අසාධ්‍ය තත්වයේ සිටි 8දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇත.
සිදුවීම සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.
ප්‍රියානි මංගලිකා