ගැටලු දෙකක් මුල්කර ගනිමින් දුම්රිය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ වර්ජනයක් ආරම්භ කර ඇත.
වර්ජනයේ නිරත වූ දුම්රිය වෘත්තීය සමති ඉල්ලීම් විසඳීම සඳහා පෙරේදා (12දා) පත් කළ කැබිනට් අනුකමිටුව විසින් ලබාගත් තීරණ දෙකකට විරෝධය පා මෙම වර්ජනය ආරම්භ කර ඇත.
කමිටුව විසින් අදාළ ගැටලු දෙක විසඳන තෙක් බඳවා ගැනීම් හා උසස්වී්ම් නවතා දැමීමට යෝජනා කළ අතර මෙම යෝජනා දෙක මුල්කර ගනිමින් මෙම වැඩ වර්ජනය ආරම්භ කර ඇති බව එම පෙරමුණේ ලේකම් සම්පත් රාජිත මහතා ප්රකාශ කළේය.
කෙසේ වෙතත් දුම්රිය සේවවට මේ දක්වා වර්ජනයෙන් බලපෑමක් එල්ල වී නොමැත.