නැගෙනහිර මන්ත්‍රීවරු තිදෙනෙක් ස්වාධීන වෙති
නැගෙනහිර පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ මන්ත්‍රීවරු තිදෙනෙක් සන්ධානයෙන් ඉවත් වී ස්වාධීන වූහ.
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ අමීර් අලි, සිබ්ලි අබ්දුල් ෆාරුක් සහ එම් සුබයර් යන මන්ත්‍රීවරු මෙසේ ස්වාධීන වූහ.
කෙසේ වෙතත් අය වැයකදී සන්ධානයට සහාය දෙන බව මන්ත්‍රීවරු කියති.
නැගෙනහිර පළාත් සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට තිබේ.
එම පළාත් සභාව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු 14 දෙනෙකුගෙන්, ඉලන්කෙයි තමිල් අරුසු කඩ්චි පක්ෂයේ මන්ත්‍රීවරු 11 දෙනෙකුගෙන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනෙකුගෙන් , එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හතර දෙනෙකුගෙන් හා ජාතික නිදහස් පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුගෙන් සමන්විත වෙති.
මන්ත්‍රීවරු ස්වාධීන වීමට පෙර නැගෙනහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයට ආසන 22ක් (සන්ධානයේ 14, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 7, ජාතික නිදහස් පෙරමුණේ 1) හා විපක්ෂයට ආසන 15ක් (අරුසු කච්චි 11, එජාප 4) වේ.
මන්ත්‍රීවරු තුනක් ස්වාධීන විම මත සන්ධානයේ ආසන සංඛ්‍යාව 19ක් විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
