අක්කරේපත්තුව ආලයඩිවෙම්බු ප්‍රාදේශිය සභාවේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වන ලකුණු පහළ වී තිබේ.
ඒ එහි මන්ත්‍රීවරු දෙදෙනෙක් සන්ධානයට එකතු වීම හේ්තුවෙනි.
දෙමළ ජාතික සන්ධානයේ බී. ත්‍යාගරාජා සහ ස්වාධීන මන්ත්‍රී ඊ. වඩිවේල් මෙසේ සන්ධානයට එක්ව තිබේ.
අද (28දා) ඔවුන් සන්ධානයට එක්වූ අතර ඒ හේතුවෙන් සන්ධානයේ මන්ත්‍රී සංඛ්‍යාව පහ දක්වා ඉහළ ගියේය.
විපක්ෂයේ මන්ත්‍රී සංඛ්‍යාව තුනකි.
මීට පෙර එම ප්‍රදේශීය සභාවේ සංයුතිය පැවැතියේ සන්ධානයට ආසන තුනක්, ස්වාධීන මන්ත්‍රීවරයෙක් හා දෙමළ ජාතික සන්ධානයට ආසන පහක් ලෙසය.