නැගෙනහිර පළාත් සභාවද අද (02දා) ජනවාරි 12 වැනිදා තෙක් කල් තැබීමට කටයුතු කළේය.
ඒ බව සභාපතනී ආරියවතී ගලප්පත්ති මහත්මිය ප්‍රකාශ කළාය.
එම අවස්ථාවේ ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරු දස දෙනෙක් ද විපක්ෂයේ මන්ත්‍රිවරු පහළොස්දෙනා ද පළාත් සභාවට පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරු හත් දෙනාද ස්වාධිනව කටයුතු කිරීමට තීරණය කළ සමස්ත ලංකා මුස්ලිම් කොංග්රස් මන්ත්‍රිවරු තුන්දෙනාද අද දිනයේදී පළාත් සභාවට පැමිණ නොසිටියහ.
ත්‍රිකුණාමලය චමෝද්‍යා අමරජීව