නැගෙනහිර කඳවුරු ඉවත්කරන්නේ නෑ- ආරක්ෂක රාජ්‍ය ඇමති
නැගෙනහිර පළාතේ කඳවුරු ඉවත්කිරීමට කිසිඳු තීරණයක් ගෙන නැති බවත්, සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව අතර නැගෙනහිර පළාතේ ජනවාර්ගික සමගිය දැකිය හැකි බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සිය නැගෙනහිර සංචාරය අතරතුළදී පැවැසීය.
ඊයේ දිනයේදී උතුරේ සංචාරය කිරීමෙන් පසුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අද (08දා) සිය නැගෙනහිර සංචාරය ආරම්භකළ අතර ඔහු පළමුවෙන්ම ත්‍රිකුණාමලය 22 වැනි ආරක්ෂක සේනා මූලස්ථානයට පැමිණියේය.
ඇමතිවරයා පිළිගැනීම මේජර් ජනරාල් ලාල් පෙරේරා මහතා විසින් සිදුකළ අතර එම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා ත්‍රිවිධ හමුදාපතිවරු එක්ව සිටියහ.
මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ උතුරේ මෙන්ම නැගෙනහිර ජනජීවිතය ගොඩ නැගී ඇති අයුරු දැකගත හැකිවූ බවයි.
එසේම ජනතාවගේ සාමයට බාධාවන අයුරින් කටයුතු නොකරන ලෙසත් අමාත්‍යවරයා ආරක්ෂක අංශ සාමාජිකයන්ට උපදෙස් දුන්නේය.
හමුදා සාමාජිකයන්ගේත්, ඔවුන්ගේ දරු පවුල්වල සුබ සාධනය ඉහළ නැංවීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

