ජාතික ආණ්ඩු සංකල්පයට පුර්වාදර්ශයක් සපුරාලමින් පළාත් සභා ඉතිහාසයේ දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජනතා නිදහස් සන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය සන්ධාන වෙමින් නැගෙනහිර පළාත් සභාවේ නව අමාත්‍ය මණ්ඩලය අද (03දා) ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
මේ අනුව දෙමළ ජාතික සන්ධානයට අමාත්‍ය ධුර දෙකක් හිමිවු අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට මහා ඇමති ධුරයට අමතරව තවත් එක් අමාත්‍ය ධුරයක් ද එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් ඇමති ධුරයක්ද හිමිවිය.
නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමග පෙර දිවුරුම් දී තිබූ අමාත්‍ය ධුර අහෝසි විය.අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීමට පෙර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු 11දෙනා මහා ඇමතිවරයාට සහය පළ කරමින් ආණ්ඩුකාරවරයාට දිවුරුම් ප්‍රකාශ ලබාදීමද විශේෂත්වයකි.
ත්‍රිකුණාමලය චමෝද්‍යා නේත්‍රාංජලි අමරජීව