නව රජයේ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වන එස්.බී නාවින්න මහතා, සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී අද දින(7) වැඩ භාර ගත්තේ ය. එහිදී, මහා සංඝරත්නයේ ආශිර්වාදය අමාත්‍යවරයා වෙත පිරිනමන ලද අතර ඒඳහා පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝද එක්වුහ.
අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නව අමාත්‍යයවරයා හට සුබපැතීමට හිටපු සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක මහතා ද එම අවස්ථාවට එක් වී සිටියේ ය. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් එස්.ඩී .එස් මල්කාන්ති මහත්මිය ඇතුළුඑම අමාත්යාංශයේනිලධාරීන්,වයඹ පළාත් සභා හා ප්‍රාදේශීය සභානියෝජිතයින් සහ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගි විය.