ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුල දියේ ගිලෙමින් තිබූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රාවක සිටි ඉන්දීය ධිවරයින් තිදෙනෙක් පසුගිය 26 දා නාවික හමුදාව විසින් බේරාගත් බව පොලීසිය කියයි.
මුර සංචාරයේ යෙදී සිටි නාවික යාත්‍රාවක් විසින් මෙම බේරාගැනීම සිදුකොට තිබේ ධීවරයින් බේරා ගැනීමෙන් අනතුරුව තලෙයිමන්නාරම නාවික කදවුරට රැගෙනවිත් වෛද්‍ය පහසුකම් ඇතුළු අවශ්‍ය අනෙකුත් පහසුකම් ලබා දුන් බවත් නාවික හමුදාව කියයි.
පසුගිය සතිය තුල ඉරනතිවු සහ අනලතිව් දූපත් වලට ඹබ්බෙන් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ආපදාවට පත්ව සිටි ඉන්දීය ධීවරයන් 09 දෙනෙකු සහ ධීවර යාත්‍රාවන් 02 ක් බේරා ගැනීමටද නාවික හමුදාවට හැකි වූ බව ඔවුහු වැඩිදුරටත් පවසයි.