නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ ඉන්දීය සංචාරය කිසිදු කටයුත්තක් නිසා හෝ නතර නොකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝසල වර්ණකුලසූරිය මහතා පැවසීය.
ඉන්දීය නාවික හමුදාපතිවරයාගේ ආරාධනයෙන් මෙරට නාවික හමුදාපති ජයන්ත පෙරේරා මහතා මේ මස 25 වැනිදා සිට 30 වැනිදා දක්වා ඉන්දීය සංචාරයකට එකතුවන බවත්, මෙම සංචාරයේදී දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කිරීමට කටයුතු කරන අතර, ඉන්දීය යාත්‍රා දෙකක් මිලදීගැනීමටද ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී ඇති බවත් ඔහු පැවසීය. අද (23දා) කොල්ලුපිටිය ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.